A.Rathnayake Central College

ARCC SPORTS

News

Crysbo next champ world championship

දියගමදී පැවති මේ වසරේ පළමු මලල ක්‍රීඩා තේරීම් තරගයේදී අප විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්ව මිනිත්තු 2යි තත්පර 01.39කින් නිම කරමින් නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
මෙම දක්‍ෂතාවයට අනුව ඇය 2023 වසරේ මෙම ඉසව්වේ ලොව අංක 1 කනිෂ්ඨ ක්‍රීඩිකාව බවට පත්වී ඇත. තරුෂි දියණියට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ශ්‍රී ලංකා මාතාව ඔලිම්පික් පදක්කමකින් සැරසීමට ශක්තිය ‌‌ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *